අපේ ICT පන්තිය

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය සදහා අම්බලන්ගොඩ ගාල්ල ඇල්පිටිය නගර වල පැවැත්වෙන අප පන්තිය 2018 වසරේ පළමු කණ්ඩායම ද 2019 වසරේ දෙවන කණ්ඩායම ද සාර්ථක ප්‍රතිඵල වාර්තා කර ඇත. 2019 වසරේ අපෙන් අධ්‍යාපනය හදරා සිසුන් 35 දෙනෙකු පමණ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී දිස්ත්‍රික්කයේ මුල් ස්ථාන 55 අතරට අප පන්තියේ සිසුන් 8 දෙනෙක් පැමිණ තිබීම විශේෂත්වයකි.එසේම අම්බලන්ගොඩ නගරයේ කෙතරම් ICT පන්ති තිබුණද බොහෝ පාසල් වල සරසවි වරම් ලබන සිසුන්ගෙන් 90% පමණ අප පන්තියෙන් බිහිවීම අප ලද භාග්‍යයකි.

අපේ විශේෂත්වය

විෂය දැනුම පමණක්ම නොව තොරතුරු තාක්ෂණ ප්‍රායෝගික හා නව ලොව දැනුම ඔබ වෙත ලබා දෙන්නට අපි කැපවන්නෙමු. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් ප්‍රමුඛයන් මෙන්මම සැබෑ ලෝකයේ ICT වැඩ්ඩන් බිහිකිරීම අපේ අරමුණයයි. එය යථාර්තයක් කරමින් ජාතික මට්ටමේ ICT හා ඒ ආශ්‍රිත තරගවලින් සමස්ත ලංකාව දිනූ වැඩ්ඩන්ට මග පෙන්වීමටත් ඔවුන්ගේ සරසරවි වරම් තහවුරු කිරීමටත් අපට හැකි විය. සැබෑ විශිෂ්ටයන් බිහි කිරීමට පහසුවෙන් හැකිවන්නේ ක්ෂේත්‍රෙය් විශ්ටයන්ට පමණක්ය.එය ප්‍රතිහාර්යයක් නොවේ අහඹුවක් ද නොවේ. නිරන්තරයෙන්ම සිදුවේ. එයයි අපේ විශේෂත්වය

Photoshop

අප පන්තියේ ඉගෙනුම ලැබූ යශෝද් ලක්ෂාන් සිසුවා අපගේ මග පෙන්වීම මත 2017 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය හා සුනත්‍ය බලශක්ති අධිකාරිය සංවිධානය කරනු ලැබූ ඩිජිටල් පොසටර් තරගාවලියේ සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර අතර මේ වන විට ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පිඨයේ ඉගෙනුම ලබයි.


Arduino

අප පන්තියේ ඉගෙනුම ලැබූ ජීවන්ත ප්‍රසාද් ශිෂ්‍යයා දිල්ෂාන් ශිෂ්‍යයා සමග අප මගපෙන්වීම යටතේ 2018 වර්ෂයේ සහසක් නිමයුම් තරගයේ සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා දිනාගත් අතර ඔවුන්ගේ නිර්මාණය ස‍දහා ආර්ඩියුනෝ තාක්ෂණය භාවිත කළ අතර ඔහු වර්ථමානයේ 2019 උසස් පෙළ ප්‍රතිඵලය අනුව සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින්නේ දිස්ත්‍රක් 40 වෙනියා ලෙසය.


District Ranks

2019 තොරතුරු හා සන්වේදන තාක්ෂණය ප්‍රතිඵලය අනුවද අම්බලන්ගොඩ නගරයේ මුල් දිස්ත්‍රක් කුසලතා 55න් 90% ක් පමණ අප සතුයි. එසේම නගරයේ පාසල් වලින් මෙම විෂයෙන් සරසවි වරම් ලබන සිසුන් ගෙන් වැඩිම පිරිසක් අප පන්තියෙන් බිහිවී ඇත. ඒ අනුව 2020 වර්ෂයේ සිට ගාල්ල නගරයේද අප පාඨමාලාව ආරම්භ කීරීම සිදු කර ඇත.