ගුරුවරයා ගැන
උසස් පෙළ විභාගය සදහා විද්‍යා අංශයෙන් සරසවි වරම් ලබාගෙන යාපනය විශ්වවිද්‍යාලයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබද ප්‍රථම උපාධිය ද කැළණිය විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණ කළමණාකරණය පිළිබදව පශ්චාත් උපාධි ඩිප්ලොවාව සම්පුර්ණකර ඉන්පසු කොළඹ විශ්විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පශ්චාත් උපාධි ඩිප්ලොමාව 2019 වර්ෂයේ අවසන්කර ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි. මේ වන විට රජයේ සරසවි ත්‍රිත්වයක ආභාෂය ලත් ගුරුවරයා රජයේ ජාතික පාසල් ගුරුවරයෙකු ලෙස වර්තමානයේ සේවය කරයි.එසේම උසස්පෙළ පිළිතුරුපත් පරීක්ෂකවරයෙක් ලෙසද කටයුතු කරයි.එසේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පවත්වන වැඩමුලුවලට සම්පත් දායකයෙකු ලෙස තම සක්‍රීය දායකත්වය සපයයි. තවද කාර්මික විද්‍යාල බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙසද තම සේවය සති අන්තයේ සපයයි.
අධ්‍යාපනය කේෂත්රයට සෘජුව සම්බන්ධ වීමට පෙර මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස පුද්ගලික සමාගමක හා ප්‍රසිද්ධ විදුලිසංදේශ සමාගමක වසර 2ක් පමණ සේවය කර තොරතුරු තාක්ෂණය හා මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද ප්‍රායෝගික කුසලතාවයන් ඔප්නංවාගෙන ඇත. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළ සමයේ විනොදාංශයක් ලෙස පැවැත්වූ තනි හා කුඩාකණ්ඩායම් පන්ති කිරීමෙන් ලද තෘප්තිය හේතුකොට ගෙන ශ්‍රී ලංකේය සිසු දරුවන්ගේ තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රෙය් හැකියාවන් ඔප්නැංවීම සදහා ගුරු වෘත්තියට පිවිස ඇත.

ගුරුවරයා ගැන කෙටියෙන්
- රජයේ විශ්වවිද්‍යාලක තොරතුරු තාක්ෂණය උපාධිධාරියෙකි.
- අලෙවි කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධී ඩිප්ලොමාධාරියෙකි
- අධ්‍යාපනය පිළිබද පශ්චාත් උපාධී ඩිප්ලොමව අවසන්කළ ගුරුවරයෙකි
- ප්‍රසිද්ධ විදුලිසංදේශ සමාගමක හිටපු මෘදුකාංග ඉංජිනේරුවරයෙකි
- විභාග පිළිතුරුපත් පත්‍ර පරීක්ෂකවරයෙකි.
- රජයේ කාර්මික විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකි.
- ජාතික පාසල් තොරතුරු තාක්ෂණ ගුරුවරයෛකි
- ජාතික මට්ටමේ වැඩසටහන් වලට සම්පත්දායකත්වය සපයන ගුරුවරයෙකි
අප තෝරාගත යුත්තේ ඇයි ?
- ඉහළම සුදුසුකම් ඇති ගුරුවරයෙකු මෙහෙයවීම
- සරල සටහන්
- අසම සම නිබන්ධණ පෙල
- විෂය නිර්දේශය විභාගයට මාස 6කට පෙර ආවරණය
- විභාගය සදහාම සකස් කළ විශේෂ වැඩපිලිවෙල
- ප්‍රශ්න පත්‍ර සාකච්ජාව හා පන්තිය තුළම පිළිතුරු සැපයීම
- බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර භාවිතයෙන් ඉගැන්වීම
- ප්‍රායෝගික පරීක්ෂණ සදහා වෙන් කළ විද්‍යාගාරය
- සෑම වසරකම සාර්ථකවූ වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක්
- ඇතුලු බොහෝ දේ
ආයතන
- 2020 Revision
- 2020 Paper Class
- 2021 Theory
- 2022 Thery
- 2020 Revision
- 2021 Theory
- 2022 Thery
- 2021 Theory
- 2022 Thery
- සහස්‍රා පරිගණක විද්‍යාගරය - මහඒදණ්ඩ
- තරණ - බටපොළ